27.3 C
Colombo
බදාදා, මැයි 22, 2024

රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ පහසුකම් වැඩිදියුණුට කොරියානු ආධාර

Must read

රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ පහසුකම් වැඩිදියුණු කිරීමට හා ධාරිතා සංවර්ධනයට ආධාර ලබා දීම සඳහා වන ගිවිසුමක් කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය, අධිකරණ අමාත්‍යාංශය හා රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව අතර අත්සන් තැබීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී සිදුවිය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 4 ක කොරියානු ජනරජයේ ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය හරහා රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය හා අධිකරණ ධූලක විද්‍යා රසායනාගාරයේ පරීක්‍ෂණ උපකරණ වැඩිදියුණු කිරීමට, මත්ද්‍රව්‍ය හා අධිකරණ ධූලක විද්‍යාව පිළිබඳව පුහුණුව ලබා දීමට , හා රසායනාගාර තොරතුරු කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට අපේක්‍ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය විශ්ලේෂණ කටයුතු සිදු කිරීමේ ධාරිතාවය වැඩි දියුණු වී නිසි කලට වේලාවට විශ්වසනීය වාර්තා ලබා දීමට හැකියාව ලැබෙනු ඇත.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නෙ, කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ අධ්‍යක්‍ෂ Kang YoungHwa, රජයේ රස පරීක්‍ෂක ගෞරි රමනා මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් විය.

More articles

Latest article