32 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

අමාරුයි කියලා දෙයක් නැහැ, මොකද මට ටිකක් ලේසියි – කුසල් මෙන්ඩිස්

Must read

පළමු තරගයේදී සිදුවූ වැරදි නිවැරදි කරගනිමින් දෙවන එක්දින තරගයේදී ඔස්ට්‍රේලියාවට හොඳ තරගයක් ලබාදීමට බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පවසයි.

ඔහු මේබව සඳහන් කළේ, පළමු එක්දින තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

“පාසලේ 19 පහළ කණ්ඩායමේ ක්‍රීඩා කරද්දිත් කඩුලු රකින්නා විදිහට කටයුතු කරලා තිබෙනවා. මම ජාතික කණ්ඩායම ආවට පස්සේ තමයි, කඩුලු රකින්නෝ තුන් හතර දෙනෙක් හිටපු නිසා මට ඒක හම්බුණේ නැත්තේ. දැන් මට ඒක හම්බෙලා තියෙනවා. ඒක විශේෂ දෙයක් විදිහට සලකන්නේ නැහැ. මම කලින් කරලා තියෙන හින්දා. අමාරුයි කියලා දෙයක් නැහැ. මොකද මට ටිකක් ලේසියි. මොකද අපි මුලින්නම බෝල් කරොත් මට කීප් කරලා බැට් කරද්දි මට තේරෙනවා විකට් එක මොන විදිහටද හැසිරෙන්නේ කියලා. ඉතින් කඩුලු රකින එකේ පොඩි වාසියකුත් තියෙනවා. ආසාවෙන් කරන්නේ. කැමැත්තෙන් කරන්නේ. මට පන්දු රකින්න හම්බුණත්, කඩුලු රකින්න හම්බුණත්. දෙකේ වෙනසක් නැහැ. මම ගොඩක් කැමැත්තෙන් ඒ දේ කරන්නේ. වනිඳුට මොකක්ද වෙලා තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ වෙලාවේ පොඩ්ඩක් කකුල ඇඳුනා කියලා කිව්වේ. ඉතින් එහෙම ලොකු අමාරුවක් නැහැ කියලා හිතනවා. එයා ඇතුළට ගියේ එයාගේ ඕවර් ටික දාලා. මොකද අපි ඊළඟ තරගය සෙල්ලම් කරන්න ඕන හින්දා. මම හිතනවා එයාට ඊළඟ මැච් එක සෙල්ලම් කරන් පුළුවන් වෙයි කියලා.”

More articles

Latest article