31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

කතරගම ඇසළ මංගල්‍යය 29 දා සිට

Must read

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍ය ‍මේ මස 29 වැනිදා ආරම්භ කෙරේ.

මෙවර උත්සව සමයේ කතරගමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට උත්සව කමිටුව කටයුතු යොදා ඇත. ඒ සඳහා වූ සාකච්ඡාවක් කිරිවෙහෙර විහාරස්ථානයේදී රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද, කතරගම අභිනවාරාමාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර, මොනරාගල දිසාපති ගුණදාස සමරසිංහ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් කිරිවෙහෙර රජ මහා විහාරස්ථානයේදී පැවැත්විණි. මෙහිදී පෙරහර මංගල්‍ය කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව ලබාගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කෙරිණි.

More articles

Latest article