33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

පැතුම් කර්නර් අත්අඩංගුවට

Must read

බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී පැවති විරෝධතාවය මෙහෙයවූ බව පැවසෙන සමාජ ක්‍රියාකාරී පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 18 වෙනි දින ඔහුව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබූ නමුත් අසනීප තත්ත්වයකින් පෙළෙන බව පවසමින් නීතිඥවරයෙකු මාර්ගයෙන් ලිපියක් ඉදිරිපත් කර තිබූ බව පොලීසිය පවසයි.

ජූලි 13 වන දින පැතුම් කර්නර් නැමැත්තා බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය ආසන්නයේ රැඳී සිටිමින් ජනතාවට එම ස්ථානයට පැමිණෙන ලෙස විවිධ ක්‍රම ඔස්සේ දැනුම් දී තිබේ.

එමෙන්ම එම ස්ථානයේ සිටි පිරිස සමග පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදවා තිබූ මාර්ග බාධක බිඳ හෙළීමට කටයුතු කර ඇතැයි ද වාර්තා වේ.

More articles

Latest article