33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

74 වසරක දේශපාලන ඉතිහාසයේ බොහෝ අය විසින් කළ වැරදි වලට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ වැරදි නොකළ සාමකාමි පුද්ගලයකුටයි – කැප්පිටියාගොඩ සිරිවිමල හිමි

Must read

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි දිවයිනට පැමිණ ජීවත්වීමට අවශ්‍ය ආරක්ෂාව හා හිටපු ජනපතිවරුන්ට හිමි සියලු වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන ලෙස ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි.

ජනාධිපතිවරයා වෙත ගැටඹේ රාජෝපවනාරාමාධිපති ස්වාමීන්වහන්සේ යොමුකළ ලිපියේ කරුණු කිහිපයක් පහතින් දැක්වේ.

“මේ රටේ සිංහල බෞද්ධ අතිබහුතරයකගේ ජන මතයෙන් බලයට පත් වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේවන විට සිය රට හැරදාගොස්ය.

එතුමන් විසින් ස්වකීය ද්විත්ව පුරවැසිභාවය පවා අහිමිකර ගත්තේ මෙරටට අවංක සේවයක් ඉටුකිරීමේ අපේක්ෂාවෙනි.

එහෙත් 74 වසරක දේශපාලන ඉතිහාසයේ බොහෝ අය විසින් කළ වැරදිවලට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ වැරදි නොකළ සාමකාමී පුද්ගලයෙකුට වීම අභාග්‍යට කරුණකි.

කෙසේ වෙතත් බෞද්ධ රාජ්‍ය නායකයෙකු වශයෙන් තම ජනතාවගෙන් කිසිවෙකුටත් එරෙහිව තමන් සතු විධායක බලය ක්‍රියාත්මක නොකොට පවතින තත්ත්වය හමුවේ නුවනින් සිතා ඉවසීමෙන් හා කරුණාවෙන් තම බලය අතහැර නික්මයාමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් කටයුතු කිරිම මහා සංඝරත්නය වශයෙන් අප දකින්නේ සැබෑ බෞද්ධ නායකයෙකු සිදුකළ ශ්‍රේෂ්ඨ නික්ම යාමයක් ලෙසයි.

එබැවින් ගරු ජනාධිපතිතුමනි මේ අවස්ථාවේදී අප ඉල්ලා සිටින්නේ එතුමන් ඉටුකළ අප්‍රමාණ සේවය කෘතවේදීව සිහිපත්කොට තමන් විසින් රැකදුන් මාතෘ භූමියට යළි පැමිණ ජීවිත්වීමට අවශ්‍ය ආරක්ෂාව හා හිටපු ජනපතිවරුන්ට හිමි සියලු වප්‍රසාද ලබාදීමටත් කටයුතු කරන ලෙසයි.

එමෙන්ම යළි දිවයිනට පැමිණෙන ලෙසට ඇරියුම් කිරීමටත් පෞද්ගලිකව මැදිහත් වී කටයුතු කරන ලෙස මෙයින් කාරුණිකව ඉල්ලා සිටිමි.”

More articles

Latest article