30 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

ගැටඹේ නාහිමිට රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරයක්

Must read

මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරයකට පේරාදෙණිය, ගැටඹේ, රාජෝපවනාරාමාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික, ජේෂ්ඨානුවිජ්ජක, චන්ද්‍රකීර්ති ශ්‍රී අමරවංශ සද්ධර්ම වාගීශ්වර කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් පත් කර තිබේ.

කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් රට දැය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අභීතව හඬනඟමින් නිස්සරණාධ්‍යාශයෙන් ඉටු කළ උදාර මෙහෙවර වෙනුවෙන් උපහාරයක් ලෙස මෙම ධුරය පිරිනමා ඇත. උන් වහන්සේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති ධුරය දැරු අපවත් වී වදාළ දර්ශන විශාරද ආචාර්ය ලබුදූවේ සිරිධම්ම නාහිමියන්ගේ ශිෂ්‍යවරයෙකි.

More articles

Latest article