25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

නව කැලණි පාලම හා මධ්‍යම අධිවේගයේ දෙවැනි අදියරේ වැඩ නොවැම්බරයේ අවසන් – අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

Must read

නව කැලණි පාලමේ සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ වැඩ අවසන් කර ජනතාව වෙනුවෙන් නොවැම්බර් මාසයේ දී විවෘත කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ, පෑලියගොඩ නව කැලණි පාලම අවසන් අදියරේ ඉදිකිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නියැළමෙනි. නව කැළණි පාලම කොළඹ නගරයේ සුන්දරත්වය වැඩි කිරීමට ඉවහල් වන බැවින් කුලුණු මත ඉදිකර ඇති පාලම් කොටසේ භූමිය අලංකරණය කිරීම සඳහා සිටුවා තිබෙන දේශීය උද්‍යාන අලංකරණ ශාක කෙරෙහි මෙහිදී අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය.

More articles

Latest article