25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක හිමියෝ අපවත් වෙති

Must read

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, ගල්කිස්ස ධම්මපාලාරාමය, කතරගම උපාලි ධර්මාශ්‍රම විහාරය, නේපාලයේ කත්මණ්ඩු නුවර චාරුමතී මහා විහාරය, මියන්මාරයේ යැන්ගුන් නුවර ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානය යන චතුර් මහා විහාරාධිපති, ධර්මපාලවශාලංකාර, සද්ධර්ම කිර්ති ශ්‍රි, ත්‍රිපිටක විශාරද, ප්‍රවචන කීර්ති ශ්‍රී ශාසන ශෝභන, ශ්‍රී සුමංගල විද්‍යාවතංස, විනයාචාර්ය, මහෝපාධ්‍ය, අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමි අපවත් වී තිබේ.

අද (22) අලුයම 3ට පමණ කොළඹ පෞද්ගලික රෝහලක දී උන්වහන්සේ අපවත් වු බව වාර්තා වේ.

කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අපවත් වන විට 88 හැවිරිදි වියේහි පසු වුණි.

1933 ජනවාරි 23 දින දා මිනුවන්ගොඩ කොටුගොඩ ග්‍රාමයේදි උපත ලද උන්වහන්සේ වර්ෂ 1948 වසරේ පැවිදි දිවියට ඇතුළත් වී තිබේ. 

More articles

Latest article