27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

කූරගල මහා සෑයේ ඉදිකිරීම් ඇරඹේ

Must read

ඓතිහාසික කූරගල පුජා භුමිය යළි මෙරට සැදැහැවතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වන ගෞරවනීය ස්ථානයක් බවට පත් කිරීමේ මහා පුණ්‍යකර්මය දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ සිදු කෙරුණා. ඒ අනුව ඓතිහාසික කූරගල පුජා භුමියේ නව චෛත්‍යයක් ඉදිකිරිම සඳහා මුල් ගල තැබීම සිදු වුණේ ඊයේ පස්වරුවේයි. අද පස්වරුවේ මෙලෙස මුල් ගල තැබුණේ ‘අසදිසි ශාක්‍ය සුගත මහා සෑය‘ටයි.

එහිදී අදහස් දැක්වූ ඓතිහාසික කූරගල පුජා භුමියේ වත්මන් භාරකාරත්වය දරන, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නායක ස්වාමින් වහන්සේ පැවසුවේ කෙටි කළක් තුළ මෙම මහා සෑය සැදැහැවතුන්ගේ වන්දනාමානයට පාත්‍ර කිරීම සඳහා කටයුතු කරන බවයි. උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ කූරගල වෙනුවෙන් යලි අරගල කරන්නට මතු පරපුරට ඉඩ නොතබන බවයි.

මහරහතුන් වහන්සේලා වැඩ සිටි කූරගල පුදබිමේ ගල් ලෙන් තුල වසර ගණනාවක් පුරා අන්තවාදීන් විසින් සිය ආගමික ස්ථාන ඉදිකරමින් සිදුකර තිබුණා.ඒ අනුව මෙරට ශාසනික වංශ කතාවට එෛතිහාසික දිනයක් බවට ඊයේ දිනය පත් කරමින් ඓතිහාසික කූරගල පුජා භුමිය සුදුවතින් සැරසුනු සැ`දැහැවතුන්ගෙන් පිරී ඉතිරී ගියේ පළමු වරට එහි ආගමික වතාවත් සිදු කරමින්.

කූරගල පුදබිමේ ගල් ලෙන් තුල ආගමික ස්ථාන ඉදිකරමින් සිදුකර තිබු අතර මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් එම වැරදි නිවැරදි කිරීමට ද අවශ්‍ය කටයුතු ද සිදුකරමින් පවතිනවා.

More articles

Latest article