29 C
Colombo
බදාදා, මැයි 22, 2024

පානදුර වරාය සංවර්ධනයට කඩිනම් පියවර ගන්නවා – රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර

Must read

පානදුර වරාය සංවර්ධනයට කඩිනම් පියවර ගන්නා බව ධීවර රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතා කියයි.

කඩිනමින් සංවර්ධන කළ යුතුව ඇති පානදුර ධීවර වරාය පිළිබඳව නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහත පසුගියදා එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

මේ කුඩා ධීවර වරාය බොල්ගොඩ ගඟ ආශ්‍රිතව ඇති අතර ධීවර කටයුතු මෙන්ම සංචාරක කටයුතු වෙනුවෙන්ද මේ වරාය භාවිත කෙරේ. දැනට වැලි පිරීම හේතුවෙන් අවහිරව ඇති මෙහි මෝය කටෙහි එකතු වන වැලි ඉවත් කිරීමත්,එහි දැනට අවහිර වී ඇති මාර්ග නිරාකරණය කඩිනමින් පියවර ගන්නැයි රාජ්‍ය ඇමැතිවරයා මෙහිදී ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති වරයාට උපදෙස් ලබාදෙන ලදී.

එමෙන්ම ඉදිරියේදී බහුදින ධීවර යාත්‍රාවලටද පහසුකම් සැපයිය හැකි ආකාරයට අවශ්‍ය පහසුකම් වර්ධනය කිරීමටත් සංචාරක යාත්‍රා සහ jet ski භාවිත කරන පුද්ගලයන්ට පහසුකම් වර්ධනය කිරීමටත් බලාපොරොත්තු වන බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා අදාළ අංශවලට උපදෙස් ලබා දීමද සිදු කළේය.

More articles

Latest article