30 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

ලේක්හවුසිය විකුණන පුවත අමූලික බොරුවක් – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

Must read

ලේක්හවුස් ආයතනය හෝටලයක් බවට පත් කිරීමට හෝ විකුණා දැමීමට හෝ රජය කිසිදු තීරණයක් ගෙන නැති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතක පළ කර තිබූ පුවත අමූලික බොරුවක් බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (31) ‘සති අග අරුණ’ පුවත්පතේ ‘සීයාගේ ලේක්හවුසිය හෝටලයක් කරන්න රනිල්ගෙන් යෝජනා’ යන මැයෙන් පළ කර තිබූ පුවත පිළිබඳ අදහස් දක්වමිනි. ජාතියේ පත්තර මහගෙදර වන ලේක්හවුස් ආයතනය සම්බන්ධයෙන් මෙවැනි තීරණයක් ගැනීම තබා ඒ පිළිබඳ ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ ආණ්ඩුව කිසිදු සාකච්ඡාවක් හෝ පවත්වා නැති බව ඇමැති ගුණවර්ධන මහතා වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළේය.

More articles

Latest article