30 C
Colombo
බදාදා, මාර්තු 27, 2024

කඳුකර කොටියා මියයෑම ගැන විමර්ශනයක්

Must read

හැටන්, සමර්හිල් වතු යායේ තේ වත්තක දී කඳුකර කොටියෙකු මියයමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කඳුකර කොටියා යුකැලිප්ටස් ගසකට නැඟ සිටියදී දඩයක්කරවෙකුගේ මන්දකට හසුවූ අතර එම අවස්ථාවේදී සත්ත්වයාගේ ජීවිතයට හානියක් සිදුවීම වළක්වා ගනිමින් බේරාගැනීමට අවස්ථාව තිබියදී වනජීවි නිලධාරීන් ගස කපා දැමීම හේතුවෙන් ඊට යට වී කඳුකර කොටියා මරණයට පත්වී තිබුණි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය වෙත උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව, අතිරේක ලේකම්වරයෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති අතර ඔවුන් අද (08) හැටන් වෙත පිටත්ව යන බව වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කළේය.

More articles

Latest article