33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

එල්ටීටීඊයෙන් ඉවත්ව පුනරුත්ථාපිත යුවළට යුද හමුදාවෙන් නිවෙසක්

Must read

එල්ටීටීඊ සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූ පේදුරුතුඩුව පුලෝලි ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකට යුද හමුදාවෙන් ඉදි කළ නව නි‍ෙවසක් පරිත්‍යාග කිරීම යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (26) යාපනය පේදුරුතුඩුව පුලෝලී ප්‍රදේශයේ දී සිදු කෙරිණි.

2006 – 2009 කාලය තුළ එල්ටීටීඊ හිටපු සාමාජිකාවක් වන තංගරාසා ධර්මරාණි හා 2091 – 2009 කාලය තුළ එල්ටීටීඊ සාමාජිකයකුව සිටි කුමාර කුලසිංහම් ප්‍රශාන්තම් යන අඹුසැමි යුවළට යුද හමුදාවෙන් ඉදිකළ මෙම නව නිවස යාපනය ප්‍රදේශයේ කළ සංචාරයක් අතරතුරදී යුද්ධ හමුදාපතිවරයා අතින් මෙසේ භාර දුන්නේය.

මෙම නිවස ඉදිකිරීම සඳහා සම්පූර්ණ ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා යුද හමුදාවේ භටපිරිස් දී තිබූ අතර, මූල්‍යමය දායකත්වය විදේශ දානපතියකු වන ඩබ්ලිව්, නඩරාජා මහතා දී තිබිණි.

මෙම අවස්ථාවට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපතිවරයා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

More articles

Latest article