32 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

වාමාංශික පක්ෂ සමග සන්ධානයකින් ස්ථිරවම ආණ්ඩුවක් හදනවා – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

Must read

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ දී වාමාංශික පක්ෂ සමග ඒකාබද්ධව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

වර්තමානයේ පවතින්නේ අතීතයේ මෙරට තුළ පැවැති සාම්ප්‍රදායික ආණ්ඩුවක් බවත් මෙම ආණ්ඩුව හා සම්බන්ධ වීමට කිසිදු නිදහස් පක්ෂ සාමාජිකයෙකුට තමා අවසරයක් ලබාදී නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අදහස් පළ කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා,

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වෙනකම් කිසිකෙනෙකුට අනුමැතිය දීලා නෑ ආණ්ඩුවට එකතු වෙන්න. ආණ්ඩුවට ගිය නිමල් සිරිපාලද සිල්වා මැතිතුමා අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ වාඩිවෙලා එතුමා කිව්වා වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් නම් තමයි අපි යන්නේ කියලා. අනේ ඊට පහුවදා ආණ්ඩුවට එකතු වුණා. අපිට ආරංචි විදියට කැබිනට් එක ආමාත්‍ය ධූර 30ක් සම්පූර්ණ කරලා, රාජ්‍ය අමාත්‍යවරු තව 40ක් පත්කරන්න යනවා කියලා. අපි දන්නේ නෑ ඇත්තද බොරුද කියලා. මට මතක හැටියට තිලංග සුමතිපාල මහත්තයා කිව්වා මේ අපේ නායකයාට මේ අගමැතිකම දුන්නා නම් මීට වඩා ලොකු වෙනසක් කරනවා කියලා. අනේ දෙයියනේ මම ගන්නේ නෑ ඔය අගමැතිකම. ඒ මොකද මේ ආණ්ඩුව අදත් ගෙනියන්නේ පොහොට්ටුව පක්ෂයේ නායකයෝ. මම කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් අපේ සහෝදර වමේ පක්ෂ සමග ඉදිරියේදී සන්ධානයක් හදලා ස්ථිර වශයෙන්ම ආණ්ඩුවක් හදලා කටයුතු කරනවා කියන එක ඉතාම පැහැදිලිව කියනවා.”

More articles

Latest article