29 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

දිස්ත්‍රික් 4කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Must read

පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 04ක් සඳහා නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව කෑගල්ල, මහනුවර, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රිත්ත සඳහා නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

එම දිස්ත්‍රික්කවල බෑවුම් කඩාවැටීම්, ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩාවැටීම් සහ පොළව ගිලා බැසීම් සිදුවිය හැකි බැවින් විමසිල්ලෙන් සිටින ලෙස එම සංවිධානය ජනතාවට දැනුම් දෙයි.

මේ අතර පහළ වායුගෝගයේ කැලඹිලි සහගත තත්ත්වයක් ශ්‍රී ලංකාවට ආසන්නයේ පවතින බැවින් දිවයිනේ බෝහෝ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

More articles

Latest article