34 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

ලිට්‍රෝ සමාගමට එල්ල කරන චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කරනවා – සභාපති මුදිත පීරිස්

Must read

ලිට්‍රෝ සමාගම සිය කාර්යන් නිවැරැදිව, විනිවිදභාවයෙන් හා වගකීමෙන් යුතුව ලෝක බැංකුවේ ද අධීක්ෂණය යටතේ ඉටුකර තිබෙන බැවින් සමාගමට එල්ල කරන චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ එම සමාගම් පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. මෙම අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව නෛතික ක්‍රියාමාර්ගයක් ගන්නා බවද හෙතෙම කීවේය.

ඉකුත් දිනවල සාමාජ ජාලා වෙබ් අඩවි තුළ හා ඇතැම් මාධ්‍ය නාළිකාවල ලිට්‍රෝ ගෑස් සමාගමට සහ එහි ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැන ඉතාම අසත්‍ය, අප්‍රසන්න සාවද්‍ය ප්‍රකාශ නිකුත් වෙලා තිබෙන බව දැනගන්න ලැබුණා. අපි ලිට්‍රෝ ගෑස් සමාගම විදියට විශ්වාස කළා ඒ කරුණුවලින් මතුවුණු දේවල් ගැන නිවැරැදි තොරතුරු මාධ්‍ය වෙත දැනුම් දෙන්න අවශ්‍යයි කියලා.

ලිට්‍රෝ ගෑස් සමාගම මේ වන විට මුළුමනින්ම රටේ තිබුණු ගෑස් අර්බුදය නිමා කර තිබෙනවා. දවස් විසිපහක පමණ කාලය තුළදී එය අපිට ඉටුකරන්න පුළුවන් වුණේ අපි අවධානයෙන්, නිවැරැදි සහ විනිවිද භාවයෙන් මේ කටයුත්ත කළ නිසා කියන එක අපි විශේෂයෙන් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මම ඉකුත් ජූනි (15) වැඩ භාරගන්න විට අපිට අභියෝග රාශියක් තිබුණා. එහි ප්‍රධාන එක තමයි කිසිම ගෑස් නැවක් එන්න තිබුණේ නැහැ. එය තිබුණත් මිලදී ගන්න අරමුදල් සම්පාදනය කරගන්නේ කොහොමද කියලා ක්‍රමයක් තිබුණේ නැහැ. මේ වන විට අපි ආයතනයක් ලෙස එම අභියෝග ජයග්‍රහණය කර තිබෙනවා. ඒ අනුව තමයි අපි ගෑස් සුලබව දකින පරිසරය නිර්මාණය වෙන්නේ. මේ අවස්ථාවේ විශේෂයෙන් සිහිපත් කරන්න කැමතියි මෙම සාවද්‍ය, අසත්‍ය ප්‍රකාශ, අමුලික බොරු. ලිට්‍රෝ ගෑස් සමාගම ලෙස මේවා දැඩිව ප්‍රතික්ෂේප කරනවා. මේවා අප්‍රසන්න සිදුවීම්, මොකද? වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් හා රාජ්‍ය ආයතනයක් ලෙස අපිට ගෑස් අර්බුදයෙන් තොර දීර්ඝ කාලීන අනාගතයක් සුබවාදිව බලන්න අපි කරන මේ උත්සහයට, ලිට්‍රෝ ගෑස් සමාගමේ සාර්ථකත්වය ගෑස් අර්බුදය විසඳීම දරාගන්න බැරි පිරිසක් කරන දෙයක් හැටියට මෙය අපි දකිනවා.

ලෝක බැංකුවේ මූල්‍යාධාර සැපයීමේදී සොයා බලන කාරණා කටයුතු කිහිපයක්ම තිබෙනවා. ඒවා සම්පූර්ණ කරන්නේ නැතිව සාක්ෂාත් කරන්නේ නැතිව අපිට බැහැ ලෝක බැංකුවේ ආධාර මුදල් ලබාගන්න. කොපමණ අසරණ වුණත් අර්බුද තිබුණත් ලෝක බැංකුවේ ඒ ඉහළ ප්‍රමිතීන්ට ක්‍රමවේදයන්ට අනුගත වෙන්නේ නැතිව අනුකූල නොවී අපිට ඒ මුදල් ලබාගන්න බැහැ. අපි සති එකහාමාරකට කලිනුත් ලෝක බැංකුවේ හත්දෙනකුගේ කණ්ඩායමක්ම ඇවිල්ලා ලිට්‍රෝ සමාගම සමඟ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වුවා. ඉතින් කොහොමද මේ අය ඒ බැංකුව මුදල් අවභාවිතා වුණා කියලා අභියෝගයට ලක්කරන්නේ. එය තරයේ ප්‍රතික්ෂේප කරනවා. අපි කෝප් කමිටුවට අවශ්‍ය ලියකියැවිලිත් ලබා දුන්නා. වාචිකවත් පිළිතුරු ලබා දුන්නා. අපේ කටයුතු ලෝක බැංකුවේත් අධීක්ෂණයට පවා ලක්වුණා. අද ජනතාවට ගෑස් හිඟයකින් තොරව ලැබෙනවා. මේ සියල්ල අපි කරන්නේ වගකීම් සහගතවයි. මේ චෝදනා කරන අය කියන සැපයුම්කරුවා සමඟ කටයුතු කිරීමෙන් ගෑස් සැපයුම සිදුකරන්න තිබෙන අසීරුතාවය අපි කරුණු සහතිකකොට පෙන්වා දී තිබෙනවා. ලබන ජනවාරි පමණ වන විට අලුත් හිස් ගෑස් ටැංකි ගේන්න බලාපොරොත්තු වෙනවා යැයි ද කීවේය.

More articles

Latest article