33 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

මන්ත්‍රී ලන්සාට පහර දෙන්න හැදුවාට සජබ මන්ත්‍රී චමින්ද මැතිසබෙන් ඉවතට

Must read

ඇති වූ නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් කථානායකවරයා විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ට සභාවෙන් පිටතට යන ලෙස දැනුම් දුන්නේය.

අද උදෑසන පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා අයවැය තෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් සභාවේ කථාකරමින් සිටිය දී එම උණුසුම් තත්ත්වය ඇති වුණි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා නිමල් ලාන්සා මහතා ට පහරදීමට උත්සාහ කිරීම හේතුවෙන් කථානායකවරයා විසින් සභාගර්භයෙන් පිටව යන ලෙස දැනුම් දුන්නේය.

එහිදී අදහස් දැක්වු නිමල් ලාන්සා මහතා,

“කථානායකතුමනි, මම මගේ අදහස ප්‍රකාශ කළා පළාත් පාලන මැතිවරණය පිළිබඳව. ගරු මන්ත්‍රීවරු ගහ ගන්න නැඟිටිනවා මේ පාර්ලිමේන්තුව තුළ. එතුමට මට එක ෂොට් එකෙන් ගහන්න පුළුවන්. හැබැයි මම ඒ තත්ත්වයට ගියේ නෑ. මොකද පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරන්න ඕන නිසා. ඒ නිසා ඔබතුමාට වගකීමක් තියෙනවා මට පිටුපස්සට ඇවිල්ලා ගහන්න උත්සාහ කළ කෙනාට මේ පාර්ලිමේන්තු නීතිරීති අනුව කටයුතු කරන්න.”

More articles

Latest article