31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 20, 2024

ලාෆ්ස් ගෑස් වෙතින් අඛණ්ඩ ගෑස් සැපයුමක්

Must read

ලාෆ්ස් ගෑස් සමාගම විසින් දිවයින පුරා සිටින පාරිභෝගිකයින් හට හිඟයකින් තොරව ගෑස් මිලදී ගැනීමට හැකිවන පරිදි තම බෙදාහරීම් කටයුතු සිදුකරන බව එම සමාගම සඳහන් කර සිටි.

පසුගිය සති කීපය පුරාම ප‍්‍රමාණවත් ගෑස් තොග මෙරටට ආනයනය කර ඇති අතරම කාර්යක්ෂමව එම ගෑස් තොග හරහා පිරවුම් කටයුතු සිදුකරමින් දිවයින පුරා විසිරි සිටින තම බෙදාහැරීම් ජාලය සහ අලෙවි නියෝජිත ජාලය හරහා පාරිභෝගිකයාට මිලදී ගැනීමට ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට සමාගම කටයුතු කරමින් සිටි.

එමෙන්ම හෝටල් සහ කර්මාන්තශාලා සඳහා අවශ්‍ය එල් පී ගෑස් තොග ද සමාගම සතුව ප‍්‍රමාණවත්ව ඇති අතර වාණිජ සහ නිෂ්පාදන ව්‍යාපාර සඳහා ගෑස් නිකුත් කිරීමද කිසිදු ප‍්‍රමාදයකින් තොරව සිදුකෙරේ. එමනිසා කිසිදු අයුරකින් ලාෆ්ස් ගෑස් හිඟයක් පිලිබඳ බියක් පාරිභෝගිකයා ඇති නොකරගත යුතු බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටී.

තමන්ට ආසන්නම ගෑස් සිලින්ඩර ඇති අලෙවි නියෝජිතවරයා දැනගැනීමට 1345 ක්ෂණික ඇමතුම් අංකය භාවිත කරන ලෙසද ලාෆ්ස් ගෑස් තම පාරිභෝගිකභවතුන් වෙත දන්වා සිටි.

More articles

Latest article