25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

අධිවේගයේ ගාස්තු ගෙවීමට LANKAQR පහසුකම

Must read

අධිවේගී මාර්ගයන්හි ගාස්තු අය කිරීම ඩිජිටල්කරණය කරමින් LANKAQR ගෙවීම් ක්‍රමවේදය හරහා සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර අධිවේගී මාර්ගය භාවිත කරනු ලබන රියදුරන්ට මෙම ජංගම යෙදවුම උපයෝගී කරගෙන කිරීමෙන් තත්පර 8-10ත් අතර කාලයක් තුළ අදාළ ගෙවීම සිදු කිරීමට හැකියාව ලැබේ.

සිය ජංගම දුරකථනයේ අදාළ මුදල සටහන් කර ඕනෑම බැංකුවක LANKAQR සක්‍රීය ජංගම ගෙවීම් යෙදුමක් හරහා ගාස්තු අයකිරීමේ ගේට්ටුවේ ඇති QR කේතය පරිලෝකනය කිරීමෙන් මෙම ගෙවීම් සිදු කෙරේ.

රජය විසින් ශ්‍රී ලංකාව තුළ භෞතිකව මුදල් භාවිතය අවම කිරීමේ අරමුණ සහිතව LANKAQR ගෙවීම් ක්‍රමවේදය ප්‍රචලිත කිරීම සඳහා සියලුම බලපත්‍රලාභී මූල්‍ය ආයතන සමඟ එක්ව කටයුතු කරමින් සිටී.

එහි එක් පියවරක් ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කළමනාකරණය කරනු ලබන අධිවේගී මාර්ගවල අතින් ගාස්තු ගෙවීම් එකතු කිරීමේ දොරටු සඳහා ද LANKAQR හඳුන්වා දීමට යෝජනා කරන ලදි.

More articles

Latest article