සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් හදුන්වාදීම, කම්කරු දෙපාර්තමේන්තුව සහ විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීම ඇතුළු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ විෂය පථය තුළ මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සදහා ස්විස්ටර්ලන්තයේ පූර්ණ සහාය ලබාදීමටද එකගතාවය පළ වේ.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ සාකච්ඡාවක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ ස්විස්ටර්ලන්ත තානාපති Dominik Furgler මහතා අතර ඊයේ පැවැත්වුණි.
යෝජිත ඩිජිටල්කරණ සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා ස්විස්ටර්ලන්ත අත්දැකීම් ඇසුරෙන් සහාය දීමට හැකි බවත්, තානාපති ක්ෂේත්‍රය ද ඩිජිටල්කරණයට ලක් විය යුතු නව ක්ෂේත්‍රයක් බවත්, මෙරට සිටින ස්විස්ටර්ලන්ත තානාපති Dominik Furgler මහතා මෙහිදී සදහන් කළේය.
එහි දී අමාත්‍යාංශය යටතේ මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ප්‍රධාන අංශයන් සම්බන්ධයෙන් තානාපතිවරයා දැනුම්වත් කර ඇති අතර, කම්කරු දෙපාර්තමේන්තුව සහ විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාළ කටයුතු ඩිජිටල්කරණයට ලක් කිරීම සම්බන්ධයෙන් පැහැදිළි කිරීමේ දී ස්විස්ටර්ලන්තයේ බොහෝ කටයුතු ඩිජිටල්කරණයට ලක් කර ඇති බවත්, තානාපති ක්ෂේත්‍රයේ කටයුතු ද ඩිජිල්කරණයට ලක් කිරීම නව ප්‍රවණතාවයක් බවත් තානාපතිවරයා පැවසීය.
විදේශ ගත ශ්‍රමිකයන්ට දී ඇති මනුසවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් කළ පැහැදිළි කිරීමෙන් අනතුරු ව සියලු ශ්‍රමිකයන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරන සමාජ ආරක්ෂණ වැඩසටහන සදහා ස්විසටර්න්තයේ අත්දැකීම් සහ දායක්තවය ලබාදීම සම්බන්ධයෙන් තානාපතිවරයා සාධනීය ලෙස ප්‍රතිචාර දක්වා තිබේ. ඒ සදහා අවශ්‍ය පූර්ණ සහාය ලබාදීමට තානාපතිවරයා එකගතාවය පළ කළේය
සංහිදියා යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කරමින් සත්‍ය ගවේෂණ කොමිසමක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය පිළිබව ද කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා තානාපතිවරයාට කරුණු දැක්වූ අතර එම පියවර තානාපතිවරයාගේ අගය කිරීමට ලක්විය.