25 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 12, 2024

අවුරුදු සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 12 ක් රුපියල් 1000 ක මිලකට ලක් සතොස හරහා

Must read

අලුත් අවුරුදු සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 12ක් රුපියල් දහසක මිලකට ලක් සතොස හරහා ලබාදීමේ සහන වැඩපිළිවෙළක් අද (01) සිට අරඹන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ඒ රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් 1ක්, සුදු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් 1ක්, නාඩු සහල් කිලෝ ග්‍රෑම් 1ක්, සුදු සීනි කිලෝ ග්‍රෑම් 1ක්, රතු පරිප්පු කිලෝ ග්‍රෑම් 1ක්, තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් 1ක්, ලුණු පැකට් 1ක්, හාල්මැස්සෝ ග්‍රෑම් 250ක්, කෑලි මිරිස් පැකට් 1ක්, සෝයා මීට් පැකට් 1ක්, තේ කුඩු පැකට් 1ක් සහ මුහුණු ආවාරණයක් එම සහන මල්ලට අයත්ය. එමගින් පාරිභෝගිකයාට හිමිවන වාසිය රුපියල් 410කි.

More articles

Latest article