31 C
Colombo
අඟහරුවාදා, මාර්තු 26, 2024

ජිනීවා යෝජනාවේ පිටු 15කම තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන ක්‍රමය ගැනයි – ලක්ෂ්මන් කිරිඇල්ල

Must read

ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා මානව හිමිකම් යෝජනාවෙි පිටු 15කම තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන ක්‍රමය ගැන යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. එම වාර්තාවේ සම්පූර්ණ පිටු ගණන දාහතහමාරක් බවද කිරිඇල්ල මහතා සඳහන් කළේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේ ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් සභානායක විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

කිරිඇල්ල මහතා මෙසේද කීය.

සභානායකතුමා යෝජනාව පිළිබඳ සඳහන් කළත් එතුමා යෝජනාව පාර්ලිමේන්තුවේ කියවූයේ නැහැ. එම යෝජනාව කියවන්නැයි මම ඉල්ලීමක් කරනවා. එහි යුද්ධය ගැන සඳහන් වී ඇත්තේ පිටු දෙකහමාරක පමණයි.පිටු 15ක තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති වූ පසුව විනාශ වූ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, සුළු ජාතීන්ට හිරිහැර සිදු කිරීම යන කරුණු පිළිබඳවයි.

More articles

Latest article