ජාතික ලොතරැයි මණ්ඩලය ලොතරැයිපත් මුද්‍රණය සඳහා රුපියල් කෝටි 200කට අධික මුදලක් 2016 – 2019 වර්ෂය දක්වා වසර හතරේදී වැය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) විමර්ශනයක් අරඹා ඇත.
2016 රුපියල් කෝටි 61ක්, 2017 රුපියල් කෝටි 45ක්, 2018 රුපියල් කෝටි 50ක් 2019 රුපියල් කෝටි 53කට අධික මුදලක් වැය කර තබේ.
ලොතරැයි පත් මුද්‍රණය නිසි ප්‍රසම්පාදන සැලසුමකට අනුව නිසි ආකාරයෙන් මින් ඉදිරියට පවත්වාගෙන යන්නැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධානීන්ට උපදෙස් දි ඇත.
තවද ආයතනයේ ප්‍රසම්පාදන සැලසුම් රජයේ විගණකාධිපතිවරයාට පසුගිය කාලයේදී ඉදිරිපත් කර නැතැයි ද කෝප් කමිටු සභාපතිවරයා චෝදනා කර ඇත.