33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

ඉන්දියාවේ පළමු Monkeypox මරණය වාර්තා වෙයි

Must read

Monkeypox ආසාදිතයෙක් බවට හඳුනාගෙන සිටි තරුණ පුද්ගලයෙක් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේදී මරණයට පත්වී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ එම මරණය එරටින් වාර්තා වූ පළමු Monkeypox මරණය ලෙස සැලකිය හැකි බවය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ සිට එම තරුණයා ජූලි 22 වනදා නැවත ඉන්දියාවට පැමිණ තිබුණි.

ඒ වනවිට ඔහු ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබූ බවත් ඒ සම්බන්ධයෙන් ඔහු බලධාරීන්ව දැනුවත් කර නොමැති බව ප්‍රාන්ත සෞඛ්‍ය අංශ පැවසීය.

ඔහු නිවසට පැමිණීමෙන් අනතුරුව විවිධ ස්ථානවලට ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් ද කරුණු රැස් කෙරේ.

More articles

Latest article