31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

සමහර අයට මම වැන්ඳේ නැති ටික විතරයි යන්න එපා කියලා – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

Must read

රට පත්ව සිටින පීඩාකාරී තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ගනු ලබන ඕනෑම යහපත් පියවරකට සහයෝගය ලබාදීමට තීරණය කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ, එහිදී ජනාධිපතිවරයා කළු ද? සුදු ද? යන්න ගැටලුවක් නොවන බවය.

“අපි යම්කිසි කාලසීමාවක් නිදහසේ වැඩකිරීමට දෙන්න ඕනේ අවශ්‍ය සහන ලබාගන්න ජාතික වශයෙන් හා අන්තර් ජාතික වශයෙන්. ඔය ජාත්‍යන්තර මූල්‍ය ආයතනය හා ජාත්‍යන්තර ආර්ථික බලවතුන් උදව් කරන්නේ අපේ දේශපාලන ස්ථාවරත්වය බලලා. අපි කඩා වැටෙන ආණ්ඩුවක් නම් අපිට සල්ලි දෙන්නේ නෑ. මම මේ හිටපු අවුරුදු 30 ගණන තුළ මේ විදියේ අවුල් වෙච්ච පාර්ලිමේන්තුවක් දැකලා නෑ. ඒ මොකද මේ 225 දැන් කණ්ඩායම් 10ක් 12ක් වෙලා. පොහොට්ටුව ගත්තහම 5කට 6කට කැඩිලා. සජබයෙත් විශාල අවුල් ගණනාවක් තියෙන බව පේනවා. අපෙත් දන්නේම නැතුව සමහර අය කියලා ගියා. යනවා කියලා එපා කියද්දි. සමහර අයට වැන්දේ නැති ටික විතරයි යන්න එපා මේ පක්ෂය ශක්තිමත් කරගෙන ඉමු කියලා. හොඳ අනාගතයක් තියෙනවා මේ පක්ෂය ගොඩනගපුවහම කියලා. ඒවා අහන්නේ නැතිව අපෙත් 14න් 5ක් ගියා.”

More articles

Latest article