31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

මන්දට හසු වූ කොටියා මැරෙද්දී නිර්වින්දන දොස්තර තෙල් පෝලිමේ

Must read

දඩයක්කරුවකුගේ මන්දකට හසුවී සිටි කඳුකර කොටියාගේ දිවි බේරාගැනීමට එම සත්වයාව නිර්වින්දනය කිරීමට නොහැකි වූයේ අදාළ නිර්වින්දන වෛද්‍යවරයා ඒ වන විට ඉන්ධන ගැනීම පිණිස තෙල් පෝලිමක සිටිය නිසා බව හැටන් සමර්හිල් වතුයායේ තේ වත්තක දී මරණයට පත් වූ කඳුකර කොටියාගේ මරණය සම්බන්ධයෙන් වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය කරන විශේෂ විමර්ශන කමිටුවට වනජීවී නිලධාරින් පවසා ඇත.

එමෙන්ම මෙවැනි අවස්ථාවකදී වහාම ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය උපකරණ ද තමන් සතුව නැතැයිද එම නිලධාරීන් විමර්ශන කමිටුවට දන්වා ඇත.

වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත, අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියගේ අධික්ෂණය යටතේ එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ඇතුළු තිදෙනකුගෙන් සමන්විත පිරිසක් සමර්හිල් වතුයායේ සිද්ධියවූ බව කියන ස්ථානයේ සිට පසුගිය 10 දා විමර්ශනය ආරම්භ කරන ලදී.

කෙසේ වෙතත් මෙම නිලධාරීන් කමිටුව හමුවේ පවසා ඇති කරුණු සත්‍ය ද යන බවත් විශේෂයෙන්ම නිර්වින්දන වෛද්‍යවරයා සම්බන්ධව පවසා ඇති කරුණුවල නිරවද්‍යභාවයත් පිළිබඳ කමිටුව අදාළ වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් ගැනීමට ඊයේ(14) නියමිතව තිබිණි. මේ සම්බන්ධයෙන් වූ කමිටු අවසන් වාර්තාව හෙට (16) අඟහරුවාදා වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භාර දීමට නියමිතය.

More articles

Latest article