32 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

අවුන් සාන් සුකීට දූෂණ චෝදනාවකට තවත් දඬුවමක්

Must read

බලයෙන් පහකරන ලද මියන්මාරයේ නායිකා, අවුන් සාන් සුකී ට එරට අධිකරණයක් විසින් නැවත වරක් දඬුවම් කර තිබේ.

හිටපු නායිකාව මේ වනවිටත් වසර 11ක සිරදඬුවමක් විඳින අතර නව අධිකරණ නියෝගය අනුව ඊට තවත් වසර 6ක් එක්කර තිබේ.

අද (15) ලබාදුන් එම අධිකරණ තීන්දුව අනුව ඇයව දූෂණ චෝදනාවකට වැරදිකරු කර තිබුණි.

77 හැවිරිදි වියේ පසුවන අවුන් සාන් සුකී සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර ඇයගේ නීතිඥයින් පැවසුවේ අධිකරණ තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවය.

More articles

Latest article