28 C
Colombo
බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 29, 2022

රාජ්‍ය සේවකයින් ලක්ෂ 10කගෙන් කිසිදු ඵලදායි සේවයක් නෑ – අමාත්‍ය රොෂාන් රණසිංහ

Must read

ලක්ෂ 16ක් පමණ වු රටේ රාජ්‍ය සේවයේ නිරතවුවන්ගෙන් දස ලක්ෂයක් පමණ කිසිදු ඵලදායී සේවාවක් සිදුනොකරන බව අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, රාජ්‍ය සේවය රාජ්‍ය සේවකයින් විසින්ම විවේචනය කරන තත්ත්වයට පත්ව ඇති බවය.

කුරුණෑගල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එම අදහස් පළ කළේය.

“දේශපාලඥයින්ට තියෙනවා ලොකු කැපකිරීමක් කරන්න. ඒ අයට මහන්සි වෙන්න වෙනවා. ජනතාවගේ ප්‍රශ්නවලට ක්ෂණික තීන්දු දෙන්න ඕනේ. ඒ වගේම තමා රාජ්‍ය සේවය. රාජ්‍ය සේවයේ ලක්ෂ 16ක් ඉන්නවා. මම බොහෝම පැහැදිලිවම කියනවා අවංකව තමන්ගේ සේවය කරන්නේ මේ ලක්ෂ 16 යෙන් ලක්ෂ 6යි. ඒක තමා ඇත්ත. රාජ්‍ය සේවකයෝමයි විවේචනය කරන්නේ රාජ්‍ය සේවය. තුන්දා නීතිය වගේ වැඩපිළිවෙලක් ගේන එක අනිවාර්යයෙන්ම කාලෝචිතයි කියන එක අපි දන්නවා. ඒ නිසා මෙවැනි ක්‍රියාමාර්ග ගත යුතුමයි. මෙතැනින් එහාට වැටෙන්න තැනක් නෑ. උපරිම වැටිලා ඉන්නේ. හැබැයි ගොඩඑන එක වේගයෙන් ගොඩ එන්න පුළුවන් දේශපාලඥයා සහ රාජ්‍ය සේවකයා කැපවීම් කළොත්.”

More articles

Latest article