27.2 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

මියන්මාරයේ හිටපු බ්‍රිතාන්‍ය තානාපතිනියට සහ ඇගේ සැමියාට වසරක සිර දඬුවම්

Must read

මියන්මාරයේ හිටපු බ්‍රිතාන්‍ය තානාපතිනි විකී බෝමන්ට සහ ඇගේ සැමියා වන ටයින් ලින්ට එරට අධිකරණයකින් වසරක සිර දඬුවමක් නියම කර ඇත.

පසුගිය සතියේදී මියන්මාර හමුදා රජය ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ආගමන හා විගමන නීතිරීති උල්ලංඝනය කළ බව කියමිනි.

හිටපු තානාපතිනියගේ සැමියා මියන්මාරයේ හිටපු දේශපාලන සිරකරුවකු වන අතර, ප්‍රකට කලාකරුවකු ද වේ. මියන්මාරයේදී විදේශිකයන්ට නඩු පැවැරෙන්නේ ඉතා කලාතුරකින් බැවින් හිටපු තානාපතිනියගේ සිර දඬුවමේ තීන්දුවට ජාත්‍යන්තර ප්‍රජාවගේ වැඩි අවධානයක් යොමු වී තිබේ.

අනුව දශකයේදී කනිෂ්ඨ තානාපති නිලධාරිනියක් ලෙස බුරුමයට පැමිණි ඇය 2002 වසරේ සිට 2006 වසර දක්වා එරට බ්‍රිතාන්‍ය තානාපතිනිය ලෙස රාජකාරියේ නිරත වූවාය. ඇය මේ වන විට යැංගොන් නුවර පදිංචිව සිටින්නීය.

More articles

Latest article