27.2 C
Colombo
සෙනසුරාදා, මැයි 18, 2024

ඩලස් පිලට මල්වතු පාර්ශවයේ දොර වැසේ

Must read

ආණ්ඩුවෙන් ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු නිදහස් මන්ත්‍රී කණ්ඩායම ඊයේ (09) ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේ මල්වතු මහනාහිමියන් බැහැදැකීම සඳහාද අවස්ථාවක් ඉල්ලා තිබුණත් ඔවුන්ට එම අවස්ථාව දී නොතිබිණි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපති ධුරයෙන් ඉවත්වන ලෙස බල කරමින් අරගලය ක්‍රියාත්මක වූ සමයේ ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සිය අත්සනින් යෝජනා මාලාවක් ජනපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ඉදිරිපත් කළ අතර, එය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මල්වතු මහානාහිමියන් කිසිදු දේශාපලනඥයකුට තමන් වහන්සේ බැහැ දැකීම සඳහා අවස්ථාවක් නොදීමට තීරණය කර තිබිණි. ඒ අනුව පසුගිය කාලය තුළ මල්වතු මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැකීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලීම් කළ දේශපාලනඥයන් සහ ආණ්ඩුකාරවරුන් විශාල පිරිසකට ඒ සඳහා අවකාශ නොලැබිණි.

උන්වහන්සේ අදාළ තීරණයට එළඹීමෙන් පසුව බැහැදැකීමට අවස්ථාව හිමිවූයේ අභිනවයෙන් ජනපති හා අගමැති ධුරවලට පත් රනිල් වික්‍රමසිංහ හා දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ට පමණි.

More articles

Latest article