30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

මෛත්‍රීපාල සිරිසේනට නොතීසි නිකුත් කෙරේ

Must read

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔක්තෝබර් මස 14 වනදා අධිකරණයේ පෙනීසිටින ලෙස දන්වා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (16) නොතීසි නිකුත් කර තිබේ.

සිරිල් ගාමිණී පියතුමා සහ පාස්කු ප්‍රහාරයෙන් වින්දිත පුද්ගලයෙකු වන ජේසුදාසන් නඩේසන් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකාබැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නොතිසි නිකුත් කිරීම සිදුකර ඇත.

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්තවාදි ප්‍රහාරය නොසැලකිලිමත් ලෙස සහ වළක්වාගැනීමට ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පුද්ගලික පැමිණිල්ලක සැකකරු වශයෙන් එලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව නම් කර තිබේ.

පෙත්සම්කම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණි.

ජනාධිපති නීතීඥවරයා සඳහන් කළේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට තොරතුරු ලැබී තිබියදීත් ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා එය වළක්වාගැනීමට නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 298 වන වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බවය.

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහි සැකකරුවකු වශයෙන් නම්කර ඔහු අධිකරණය හමුවට කැඳවීම සඳහා නොතීසි නිකුත් කරන ලෙස ජනාධිපති නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඉල්ලීම පිළිගත් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා අදාළ නඩුකරයේ සැකකරු වශයෙන් නම් කරමින් ඔහුට ඔක්තෝබර් මස 14 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත් කළේය.

More articles

Latest article