34 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

විෂ ත්‍රිපෝෂ කතාව බොරු – අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

Must read

මවුවරුන්ට සහ දරුවන්ට දෙන ත්‍රිපෝෂවල ඇෆලට්‍රොක්සීන් විෂ කාරක අඩංගු බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එම අසත්‍ය පැතිර වූ නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (21) ප්‍රකාශ කළේය.

ත්‍රිපෝෂ සම්බන්ධව මාධ්‍ය මඟින් කරන ප්‍රකාශ අමූලික බොරුවක් බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවත් මෙයට සම්බන්ධ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ලේකම්වරයාට දැනුම් දුන් බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම යුනිසෙෆ් කණ්ඩායම කාර්යාලයට කැඳවා මන්ද පෝෂණය පිළිබඳ කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද තමන් විමසීමක් කළ බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් කනගාටුව පළ කළ බවත් ඇමැතිවරයා පැවසීය. ඔවුන් විසින් 2016 වසරේ වාර්තා ඉදිරිපත් කර තිබූ බවද ඇමැතිවරයා කීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,

ත්‍රිපෝෂවල ඇෆලට්‍රොක්සීන් විෂ කාරකය අඩංගු බවට මාධ්‍ය වාර්තාවක් තියෙනවා. මේක අක්මාවට හානි කරන විෂ කාරකයක්. මේ වාර්තාවේ නම් තියෙන්නේ ඇල්ෆාට්‍රොක්සීන් කියලයි. මේවා නිසි නියාමනයකින් තොරව බෙදා හැරීම සම්බන්ධයෙන් ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද?

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල,

මේ කියන ප්‍රශ්නය සම්බන්ධයෙන් මම ඊයේ හවසම කතා කළා. අමූලික බොරුවක් කියලා වගකීමක් ඇතිව මම මේ පාර්ලිමේන්තුවේදී කියනවා. මේ ප්‍රශ්නය ඇති කිරීමට සම්බන්ධ වූ නිලධාරීන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා ඊයේ රෑත්, අද උදෙත් ලේකම්ට කිව්වා. පිළිකාකාරක තියෙනවා කියලා සමාජයක් බය ගැන්වීම නින්දිත ක්‍රියාවක්. එවැනි ප්‍රකාශයක් කරනවා නම් අපේ ලේකම්ගෙන් අවසර ගන්න ඕන.

නිෂ්පාදනයේ ප්‍රශ්නයක් නැහැ කියන්න මා සූදානම් නෑ. අපේ වැරදි තීන්දුවක් අනුව, බඩඉරිගු වගාවේ අඩුවක් තියෙනවා. ඒක අපට ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඇෆලට්‍රොක්සීන් ප්‍රශ්නය ඊයේ සවස සාකච්ඡා කළා. අමූලික බොරුවක් බව පාර්ලිමේන්තුවේදී වගකීමෙන් කියනවා. මෙයට සම්බන්ධ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා ලේකම්තුමාට කිව්වා. මෙය අසාධාරණ කතාවක්. පිළිකා කාරක තිබෙන බවට සමාජයක් බය ගන්වන, නින්දිත ආකාරයෙන් කටයුතු කරන දෙයක්. එවැනි ප්‍රකාශයක් කරනවා නම් ලේකම්වරයාගේ අවසරය ගන්න ඕන. බදුල්ලේ වෛද්‍යවරයෙක් ප්‍රකාශ කර තිබෙනවා ඖෂධ නෑ. ශෛල්‍යකර්ම නතර වෙලා කියලා. අධ්‍යක්ෂවරයා ලිඛිතව එවල තියෙනවා මේ ඖෂධ තියෙනවා කියලා. මෙය සංවිධානාත්මකව දේශපාලන වැඩපිළිවෙළකට පරිවර්තනය කරනවා නම්, එයට ක්‍රියාමාර්ග ගන්න පසුබට වෙන්නේ නෑ.

More articles

Latest article