28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

මහාචාර්ය නිලිකා මලවිගේට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව තනතුරක්

Must read

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක විද්‍යා අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ්-19 පිළිබඳ තාක්ෂණ ප්‍රවේශ සංචිතයේ(C –TAP) උපදේශක කණ්ඩායමේ විශේෂඥයෙකු ලෙස තෝරා ගෙන ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් COVID-19 තාක්ෂණ ප්‍රවේශ සංචිතයට (C-TAP) සම්බන්ධ විද්‍යාත්මක, තාක්‍ෂණික සහ උපාය මාර්ගික කරුණු පිළිබඳව උපදෙස් දීමට තාක්ෂණික උපදේශක කණ්ඩායමක් පිහිටුවා තිබේ.

කොවිඩ්-19 සෞඛ්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් කටයුතු කරන වෛද්‍යවරුන් සහ පර්යේෂකයන් ලෙස විවිධ පරාසයක දැනුම සහ ප්‍රවීණත්වය ඇති කීර්තිමත් විශේෂඥයින් 10 දෙනෙකුගෙන් එම සමූහය සමන්විත වේ.

More articles

Latest article