28.6 C
Colombo
සිකුරාදා, මැයි 24, 2024

මන්ත්‍රී පාඨලීට විරුද්ධව අමාත්‍ය මහින්දානන්ද CID යයි

Must read

ඉන්දියාවෙන් ආනයන කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් සිදු කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රි රණවක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට අමාත්‍යාවරයා පෙරවරු 9.15ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකරන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ද සඳහන් කළේය.

More articles

Latest article