25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

මුතුරාජවෙල ගැටලුවට විසඳුම් සොයන්න විශේෂ කමිටුවක්

Must read

මුතුරාජවෙල රක්ෂිතය සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලුව සඳහා විසඳුම් සෙවීමට මැති ඇමැතිවරුන් 8 දෙනකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර තිබේ.

මහින්ද අමරවීර, සී. බී. රත්නායක, නාලක ගොඩහේවා, නිමල් ලන්සා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නලීන් ප්‍රනාන්දු, ජයන්ත වීරසිංහ සහ වීරසුමන වීරසිංහ යන මැති ඇමැතිවරුන් ඒ සඳහා පත් කර තිබේ. ඔවුන්ට අමතරව එම විශේෂ කමිටුව සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා ද පත් කර ඇත.

පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මේ කමිටුව පත් කර තිබේ.

මුතුරාජවෙල තෙත්බිම් සංරක්ෂණය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු ඒ පිළිබඳ විවිධ පාර්ශ්වවලින් විරෝධතා එල්ල වුණි.

ඒ අනුව නව ගැසට් පත්‍රයේ හඳුනාගෙන ඇති ක්ෂේත්‍රවල අන්තර්ගතයට යම් වෙනසක් යෝජනා කිරීමට පෙර ඒවා සමාලෝචනය කිරීම මේ කමිටුවේ ප්‍රමුඛ කාර්යභාරය වෙයි.

More articles

Latest article