28.6 C
Colombo
සිකුරාදා, මැයි 24, 2024

අයවැයට සහාය දීමේ තීරණය මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු බව මෛත්‍රී කියයි

Must read

අය-වැයට සහාය දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්ව සාකච්ඡා කිරීමෙන් පසු තීරණය කරන බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඒ සම්බන්ධව තමන්ට තනිව ප්‍රකාශයක් කළ නොහැකි බවත්, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන පක්ෂයක් ලෙස මධ්‍යම කාරක සභාව රැස්ව ගන්නා තීරණය ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා කීවේය. මහනුවර පේරාදෙණියේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ජනතාවට සහනයක් ලැබෙන්නේ නම් තම ජනපති විශ්‍රාම වැටුප කප්පාදු වූවාට ගැටලුවක් නැතැයිද ඒ මහතා කීවේය. ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැඩි විවේචන එල්ල කිරීම සම්බන්ධයෙන්ධයෙන් අදහස් දැක්වූ හිටපු ජනපතිවරයා ඒ සම්බන්ධයෙන්ද මධ්‍යම කාරක සභාව රැස් වී සාකච්ඡා කරන බව ප්‍රකාශ කළේය.

More articles

Latest article