28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

ආණ්ඩුවේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ගැන ජනතාව දැනුම්වත් නෑ – මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

Must read

වත්මන් ආණ්ඩුව මෙම වසර දෙකක කාලයේ දී රට පුරා වැව් 1,500ක් ප්‍රතිසංකරණය කර නිවාස 14,040ක් ඉදිකර ඇති බවත් තවත් නිවාස 14,000 ඉඳිවෙන නමුත් ඒ බව ජනතාව නොදන්නා බවත් මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පැවසුහ.

මේ බව එම හිමියෝ සඳහන් කළේ පසුගිය දා ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් අනුරාධපුර රුවන්වැලි මහ සෑය අභියස සංවිධාන කර තිබූ අශිර්වාද පින්කමට සාභාගී වෙමිනි.

මහා මාර්ග විශාල ප‍්‍රමාණයක් රටපුරා ඉදි කරමින් ඇති බවත් පැවසූ උන්වහන්සේ මෙම දැවැන්ත සංවර්ධනය පිළිබඳ කිසිවකුට ප්‍රකාශ නොකිරීම ගැන තමන් වහන්සේ ආණ්ඩුව සමඟ අමනාපයෙන් සිටින බවත් පැවසුහ.

More articles

Latest article