25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

තමන් කළ වංචා-දූෂණ හෙළි වෙතැයි බියෙන් සජිත් නිවාස අමාත්‍යාංශ වැය ශීර්ෂය මඟහැරියා – අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

Must read

නිවාස ඇමැතිවරයා ලෙස සිදුකර ඇති වංචා දූෂණ හෙළිවීම වැළැක්වීම සඳහා නිවාස අමාත්‍යාංශ වැය ශීර්ෂය මඟහැරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උපක්‍රමශීලීව කටයුතු කළ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (7) පැවසීය.

මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයාගේ සිදුවීම හුවා දක්වමින් විපක්ෂනායකවරයා පෙරේදා දින විවාදය සැලසුම් සහගත ලෙස මඟහැර පැනගිය බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම පාර්ලිමේන්තුව තුළ විපක්ෂයක ඉඩක් නොලැබෙන බවට ජාත්‍යන්තරයට පැවසීම වෙනුවෙන් විවිධ උත්සහයන් වල මෙම කණ්ඩායම නිරත වන බවත් සමඟි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂයට එවැනි දේ අලුත් දේවල් නොවන බවත් ප්‍රනාන්දු මහතා කීවේය. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම නිසා ප්‍රේමදාස මහතා ප්‍රමුඛ කණ්ඩායම ඉක්මනින් සභා ගර්භයට පැමිණෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ප්‍රකාශ කළේය. විපක්ෂය සහ විපක්ෂනායකවරයා නොමැති නිසා විපක්ෂයේ කාර්ය භාර්ය ගෙන විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීවේය.

More articles

Latest article