25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට කෝටි 39ක ආදායමක්

Must read

රෙගුලාසි ක්‍රියාත්මක කරන ආයතනයක් වශයෙන් කටයුතු කරන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය 2021 වසරේදී රුපියල් මිලියන 387.8ක ආදායමක් හිමි කර ගෙන තිබේ. එහි සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය ඊයේ (9) පැවසුවේ මේ වසරේදී අධිකාරියේ ආදායම් ඉලක්කය වූයේ රුපියල් මිලියන 35.21ක් පමණක් බවයි. එම ඉලක්කයද අබිබවා යමින් මේ ආදායම හිමි කර ගැනීමට හැකියාව ලැබුණු බවද එහි වර්ධනය සියයට 1,100ක් බවද ඇය පැවසුවාය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අභියෝගයට මුහුණ දෙන අතරම අධිකාරිය මේ වන විට සියයට 80ක සාර්ථකත්වයක් හිමි කර ගැනීම ගැන අතිශය සතුටට පත් වන බවද ඇය පැවසුවාය.

More articles

Latest article