25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

රටටත් ජනතාවටත් හොඳ අය-වැයක් ගේනවා – අමාත්‍ය බැසිල් රාජපක්ෂ

Must read

රටට සහ ජනතාවට හොඳ අය-වැයක් ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේ වැඳ පුදා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව පෙරේදා (30) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

අය – වැය ඉදිරිපත් කිරීමට ප්‍රථම දළදා වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා මහනුවරට පැමිණි බවත්, රටට සහ ජනතාවට හොඳ අය – වැයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් මුදල් ඇමැතිවරයා එහිදී පැවසුවේය. යුදගනව් විදුලි බලාගාරය ඇමෙරිකානු ෆෝට්‍රස් එනර්ජි සමාගමට පැවරීමට එරෙහිව ආණ්ඩුව නියෝජනය කරන සුළු පක්ෂ නායකයන් ඇතුළු පිරිසක් පැවැත්වූ සාකච්ඡාව සම්බන්ධව මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්ඒ මහතා කියා සිටියේ, තමන් ඒ පිළිබඳ මෙතෙක් කල්පනා කර නැති බවයි. චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය මඟින් මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීම සම්බන්ධව තමන්ට මෙතෙක් දන්වා නොමැති බවද මුදල් ඇමැතිවරයා එහිදී කියා සිටියේය.

දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු කොවිඩ් වසංගතය හමුවේ පැන නැඟී තිබෙන අභියෝග සහ ඒවාට මුහුණ දෙමින් රට සංවර්ධනය කරා මෙහෙයවීමට ඇති සැලසුම් සම්බන්ධව උන්වහන්සේ දැනුම්වත් කිරීමටද පියවර ගත්තේය.

More articles

Latest article