24 C
Colombo
සඳුදා, ඔක්තෝබර් 2, 2023

අසත්‍ය ප්‍රකාශයක් සිදුකොට තම කීර්ති නාමයට හානි කිරීම වෙනුවෙන් අධිකරණ ඇමැති රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලයි

Must read

පුවත්පත් සාකච්ඡාවකදී අසත්‍ය ප්‍රකාශයක් සිදුකොට තම කීර්ති නාමයට හානි කිරීම වෙනුවෙන් දින 14ක් තුළ රුපියල් බිලියනයක වන්දියක් ගෙවන ලෙස දැනුම් දෙමින් බද්දේගම පදිංචි ආනන්ද ලැනරොයිට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා එන්තරවාසියක් යවා ඇත.

ප්‍රජාතන්ත්‍රවාය සඳහා වූ පුරවැසි සංවිධානය පසුගිය 10 වැනි දා   පවත්වන ලද  මාධ්‍ය සාකච්ඡාවකදී බලපිටිය මහාධිකරණයේ විභාග කරන නඩුවක විත්තිකරුවන්ට සාධාරණයක් කරන ලෙසට දැනුම් දෙමින් මහාධිකරණ විනිසුරුවරයාට අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා ලිපියක් මගින් දැනුම් දුන් බවට කළ ප්‍රකාශයකින් තමන්ගේ කීර්තිනාමයට හානියක් සිදුව ඇති බව එම එන්තරවාසියේ සඳහන් කර ඇත.

නීතිඥ සනත් විජයවර්ධන මහතා මගින් යවා ඇති මෙම එන්තරවාසිය අනුව දින 14ක් තුළ රුපියල් බිලියනයක වන්දිය නොගෙව්වහොත් ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කර ඇත.

More articles

Latest article