27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

මුස්ලිම් ජාතික මරණ පරීක්ෂකවරු පත් කිරීමේ සූදානමක් නෑ – අමාත්‍ය අලි සබ්‍රි

Must read

අධිකරණ අමාත්‍යංශය මගින්, මුස්ලිම් ජාතික මරණ පරීක්ෂකවරු පත් කිරීමේ සූදානමක් පවතින බවට පැතිර යන වාර්තා පදනමකින් තොර බව, අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

පුරප්පාඩුව පවතින මරණ පරීක්ෂක තනතුර සදහා නව පත්වීම් සිදු කිරීමට අමාත්‍යංශය ගෙන තිබෙන තීරණය, ජනතාව නොමග යවන ආකාරයට අර්ථකතනය කිරීමට ඇතැම් පිරිස් උත්සාහ දරන බව අමාත්‍යවරයා පවසයි.

නව පුරප්පාඩු බිහිකිරීමට හෝ, දැනටමත් පුරවා ඇති පුරප්පාඩු සදහා නව පත් වීම් සිදු කිරීමේ කිසිදු අදහසක් අමාත්‍යංශයට නැති බවද අමාත්‍යවරයා පවසා තිබේ.

More articles

Latest article