25.3 C
Colombo
බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 6, 2022

මාර්ගෝපදේශ කඩකරන පිරවුම්හල් ගැන කඩිනමින් පියවර

Must read

ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් පිරවුම්හල් වෙත නිකුත් කර තිබෙන මාර්ගෝපදේශ කඩකරමින් කටයුතු කරන සිපෙට්කෝ ඉන්ධනහල් සම්බන්ධයෙන් අවශ්‍ය කළමනාකරණ තීන්දු ගන්නැයි බලශක්ති ඇමතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ QR ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් පිළිබඳව අවශ්‍ය නීතිමය සහ පරිපාලන කටයුතු කරන ලෙසය.

ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය පිළිබඳව ප්‍රගති සමාලෝචන හමුව අද (13) පැවති අවස්ථාවේදී ඇමතිවරයා මෙම උපදෙස් දී ඇත.

කොලොන්නාව ඛනිජ තෙල් බෙදාහැරීමේ පර්යන්තයේදී රැස්වීම පැවැත්විය.

මෙහිදී, සියලුම පිරවුම්හල් වෙත බෙදාහරින ලද ඉන්ධන ප්‍රමාණය සහ QR ක්‍රමවේදය භාවිත කරමින් ඉන්ධන නිකුත් කිරීම පිළිබඳව පසුගිය සති දෙකේ දත්ත පරීක්ෂා කිරීම සිදුවී තිබේ.

More articles

Latest article