25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

ආනයනය සීමා කර ඇති භෝග වවන්න අක්කර 5ට අඩු මුඩු ඉඩම් ව්‍යවසායකයන්ට – අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන

Must read

මෙරටට ආනයනය නොකරන කෘෂි ‍භෝග වගාවන් කිරීම වෙනුවෙන් අක්කර පහට අඩු මුඩු ඉඩම් ව්‍යවසායකයන්ට දෙන බව ඉඩම් ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා‍ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එහිදී ලබා දෙන්නේ කැලයට ගොස් ඇති මුඩු ඉඩම් බවත් වැදගත් වන්නේ කරන ව්‍යවසාය මිස ඉඩම ගන්නා තැනැත්තාගේ තරාතිරම නොවන බවත් ඇමැතිවරයා පැවසීය.

ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඇමැති චමල් රාජපක්ෂ මහතාගෙන් ඇසූ ප්‍රශ්නයකදී මතුකරන ලද අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කළේ දැනට ආනයන සීමා කර ඇති මෙරට වගා කළ හැකි කෘෂි භෝග වගා කිරීම වෙනුවෙන් මේ ඉඩම් දෙන බවයි.

එහිදී අදහස් දැක්වූ ඇමැති චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මහවැලි කලාපවල පවතින විවිධ ගැටලු දිගු කාලයක් තිස්සේ විසඳී නැති බවයි. කෙසේ වුවද එම ගැටලු කඩිනමින් විසඳීමට තමන් පියවර ගන්නා බවද ඇමැතිවරයා කීය.

මෙහිදී ඇමැති චමල් රාජපක්ෂ මහතාට ප්‍රශ්නය යොමු කළ හේෂා විතානගේ මහතා සඳහන් කළේ සූරියකන්ද ප්‍රදේශයේ ඉඩම් ප්‍රමාණයක් විවිධ පිරිස් වෙත දී ඇති බවයි.

වාරිමාර්ග හා රාජ්‍ය ආරක්ෂක ඇමැති චමල් රාජපක්ෂ මහතා,

මහවැලි අධිකාරියට අයත් කලාප 10ක් තිබෙනවා. මේ කලාප සියල්ලෙම තිබෙන ප්‍රශ්න දීර්ඝ කාලයක් විසඳී නැහැ. විශේෂයෙන්ම වලව කලාපයේ ඉඩම් ඔප්පු ලබා ගැනීමට 40,000ක් විතර තිබෙනවා. 10,000කට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණ කර තිබෙනවා. මේ මාසය ඇතුළත 7,000කට පමණ ස්ථිර ඉඩම් ඔප්පු දීමට අපේක්ෂා කරනවා. මාස කිහිපයක් ඇතුළත මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම අවසන් කරනවා. යම් හෙයකින් යම් අයකු අවුරුදු ගණනාවක් නිත්‍යනුකූලව පදිංචිව සිට‍ ඒ අයට ප්‍රශ්න තිබෙනවනම් අධිකාරි පනත අනුව ඇමැතිවරයාට ඇති බලතල අනුව විශේෂ තේරීම්ලාභින් ලෙසවත් තෝරා ගන්නට අපේක්ෂා කරනවා. ඉඩම් කච්චේරියක් තිබුණොත් ඒ අයට සාධාරණය ඉටු කරන්න පුළුවන් වෙයි.

More articles

Latest article