28.6 C
Colombo
සිකුරාදා, මැයි 24, 2024

භූමිතෙල් අලෙවියෙන් සංස්ථාවට දිනකට කෝටි 2කට වැඩි පාඩුවක් – අමාත්‍ය උදය ගම්මන්පිල

Must read

භූමිතෙල් විකිණීමෙන් ඛනිජතෙල් සංස්ථාව දවසකට රුපියල් මිලියන 23ක පාඩුවක් ලබන බව ඇමැති උදය ගම්මන්පිල මහතා පවසයි.

බලශක්ති අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මෙසේ පැවසීය.

මේ වන විට භූමිතෙල් ලීටරයකින් රු33ක පාඩු ලබන බවද ඇමැතිවරයා කීවේය. දිනකට භූමිතෙල් ටොන් 550ක් පමණ අලෙවි වන බව පැවසූ අමාත්‍යවරයා භූමිතෙල් හිඟයට හේතුව ක්ෂණිකව ඇති වුණු අධික ඉල්ලුම බවද පැවසීය.

ඩීසල් ලීටරයක් මිල රු 111 වන විට භූමිතෙල් ලීටරයක මිල රු 77ක් බැවින් කර්මාන්ත ශාලාවල යන්ත්‍ර සූත්‍ර, උදුන්, බෝට්ටු පමණක් නොව සමහර බස් පවා මේ දිනවල භූමිතෙල් වලින් ධාවනය කෙරෙන බව ඔහු සඳහන් කළේය. ලෝක වෙළෙඳපොළේ භූමිතෙල් නැමැති ඉන්ධන වර්ගයක් නොමැති අතර භූමිතෙල් හදාගන්නේ ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවේ බවද මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කීවේය.

More articles

Latest article