28.6 C
Colombo
සිකුරාදා, මැයි 24, 2024

සපුගස්කන්දේ ගැටලුවෙන් තෙල් සැපයුමට බාධාවක් නෑ – අමාත්‍ය උදය ගම්මන්පිල

Must read

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ යම් ගැටලුකාරි තත්ත්වයක් උද්ගත වී තිබුණ ද මෙරට දෛනික ඉන්ධන සැපයුමට ඉදිරි දිනවලදී කිසිදු බලපෑමක් නොවන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පැවැසීය.

විවිධ වෘත්තීය සමිති නායකයන් යැයි කියාගන්නා පුද්ගලයන් බොරු ප්‍රචාර පතුරවමින් ජනතාව නොමඟ යැවීමට උත්සහ ගත්ත ද, ඉන්ධන හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති ⁣කර නොගන්නා ලෙස ද ඇමැතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

දෛනික පෙට්ට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හැකි බවත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පැන නැඟී ඇති තත්ත්වය ඉදිරි දින කිහිපයේදී නිරාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ඇමැතිවරයා කීය.

වෘත්තීය සමිති නායකයන් යැයි කියා ගන්නා පුද්ගලයන් කිහිපදෙනකු පසුගිය ජූනි මාසයේ සිට තෙල් හිඟයක් පිළිබඳ විවිධ මත පැතිරවූවද මේ දක්වා තෙල් හිඟයක් ඇති නොවූ බවත් ත්‍රිකුණාමල තෙල් ⁣ටැංකි සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදේශ රටකට විකුණන බව ඔවුන් කීව ද එය ද මෙතෙක් සිදු වී නැති බව ද ඇමැතිවරයා කීය.

More articles

Latest article