33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

නාවික-ගුවන් හමුදා මූලස්ථාන ලබන වසරේ අකුරේගොඩට

Must read

අකුරේගොඩ ආරක්ෂක මූලස්ථානය තුළට නාවික හමුදා සහ ගුවන් හමුදා මූලස්ථාන ලබන වසරේ (2023) මාර්තු මස වන විට ස්ථාපිත කිරීම සඳහා කටයුතු කඩිනම් කර තිබේ.

මේ වන විට යුද්ධ හමුදා මූලස්ථානය සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය සඳහා වන ගොඩනැඟිල්ලේ ඉදි කිරීම් කටයුතු අවසන් කර ඇති අතර සෙසු ඉදි කිරීම් කඩිනම් කර ඇති බවත් 2023 වසරේ සම්පූර්ණ පහසුකම් නිමා කිරීම සඳහා රුපියල් මිලියන 7000ක් ප්‍රතිපාදන වෙන් කර ඇති බව ආරක්ෂක අමාත්‍යායංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) අනුර රණසිංහ මහතා පැවසීය.

2015-2019 කාලය තුළ පසුගාමී වූ අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වන විට කඩිනම් කර ඇත. ආරක්ෂක මූලස්ථාන ප්‍රතිස්ථාපන ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාලසීමාව 2011-2023 වන අතර මුළු ඇස්තමේන්තු වියදම රුපියල් මිලියන 60866කි. 2022 වසර සඳහා වෙන් කරනු ලැබූ මුදල රුපියල් මිලියන 7000ක් වන අතර 2022/09/30 දින වන විට වියදම් රුපියල් මිලියන 2537ක් වන අතර මේ දක්වා වියදම් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 40665.54ක් හා සමස්ත භෞතික ප්‍රගතිය 80.05%ක් වේ.

More articles

Latest article