26 C
Colombo
බදාදා, මාර්තු 27, 2024

නවදිල්ලි නුවර කැලඹූ ඝාතනයේ තවත් රහසක් හෙළි වෙයි

Must read

සිය පෙම්වතිය ඝාතනය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට පත්ව සිටින ආෆ්ටාබ් අමින් සබඳතා පැවැත්වූ බව කියන කාන්තාවක් සම්බන්ධව ඉන්දියාවේ නවදිල්ලි පොලිසිය විමර්ශන ආරම්භ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. වෘත්තියෙන් මනෝවෛද්‍යවරියක බව කියන අදාළ කාන්තාව ආෆ්ටාබ් සමඟ අනියම් සම්බන්ධතාවක් පත්වමින් සිටි බවත්, ඔහු විසින් ඇයට මිල අධික තෑගි බෝග පිරිනමා ඇති බවත් පොලිසියට අනාවරණය වී තිබේ. ඒ අනුව පෙම්වතිය ඝාතනය කිරීමට අදාළ කාන්තාවගේ සම්බන්ධතාවක් තිබෙන්නේදැයි යන්න විමර්ශනයට ලක් කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ. සැකකරුට අදාළ කාන්තාව මුණගැසී ඇත්තේ ඔහු මානසික ආතතියකට ලක්වීමෙන් පසු ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවේදී බව ද කියැවේ.

ශ්‍රද්ධා වෝකර් නමැති 27 හැවිරිදි පෙම්වතිය ඝාතනය කිරීමෙන් පසු කැබැලි කොට එම කොටස් ශීතකරණයේ තැන්පත් කර තිබියදී පොලිසිය විසින් පසුගියදා සොයා ගෙන තිබිණි.

More articles

Latest article