33 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

නොරොච්චෝලට ගල් අඟුරු රැගෙන ‘ඩර්යා රාමා’ ඉලන්තඩියට

Must read

නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් රැගත් ‘ඩර්යා රාමා‘ (DARYA RAMA) නැව ඉලන්තඩිය වෙරළ තීරයට ඊයේ (06) උදෑසන ළඟා විය.

ලක්විජය බලාගාරයේ සිට කි.මී 5කට ආසන්න දුරකින් නැංගුරම් ලා ඇති ද ඩරයා රාමා නැව පරීක්ෂා කිරීමට වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසකගෙන් සැදුම් ලත් කණ්ඩායමක් එකව සිටියහ. විදුලිබල මණ්ඩල නිලධාරීන් පිරිසක් විසින් ගල් අඟුරු සාම්පල් පරීක්ෂාවට සඳහා නැවට යෑමට නියමිතව තිබිණි.

විදුලි බල මණ්ඩල ඉහළ නිලධාරියකු පවසා සිටියේ ඊයේ (6) සවස් වන විට නැවේ සිට ලක්විජය බලාගාරය දක්වා ගල් අඟුරු ප්‍රවාහනයට බත්තල් යැවීමට කටයුතු කර තිබූ බවයි.

More articles

Latest article