25 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 12, 2024

ජවිපෙ එදා ආයුධ වලින් වැපිරූ භීෂණය අද වාචිකව පතුරවනවා – දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය

Must read

එදා ඡන්දය දාන්න යන පළමු පස් දෙනාගේ අත කැපීමට, බෙල්ල කැපීමට කතා කළ කණ්ඩායම අද නිරායුධ මිනිස්සුන්ට මානසිකව පහර දෙන්නට පටන් ගෙන ඇතැයි දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ නායක සුගත් හේවාපතිරණ මහතා පැවසීය.

එදා ආයුධවලින් වපුරන ලද භීෂණය අද වාචිකව පතුරමින් රාජ්‍ය නිලධාරීන්ට විශේෂයෙන් මුදල් හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරුන්ට තමන්ගේ ආණ්ඩුවක් යටතේ අවුරුදු තුනක් හිරේ දාන බව ප්‍රසිද්ධියේ කියමින් තර්ජනය කරන බවද හෙතෙම කීවේය.

මෙය ෆැසිස්ට්වාදයේ එක් ලක්ෂයක් බව පැවසූ ඒ මහතා, ජනතා විමුක්ති පෙරමුණ සහ ෆැසිස්ට්වාදී අනුගාමිකයෝ විරුද්ධ මතධාරීන් වහලුන් බවට නිර්වචනය කරන බවද කීවේය. ඒ අනුව ඔවුන්ට මානසික ප්‍රහාර එල්ල කරන බවද කීවේය.

ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මේ රටේ නීති සම්පාදකයන්ගෙන් සහ මැතිවරණ කොමිසමෙන් මෙවැනි ෆැසිස්ට්වාදී බලපෑම් හරහා මානසික ප්‍රහාර එල්ල කිරීම හරහා මානසික ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කිරීම හරහාත් නිදහස් හා සාමකාමී මැතිවරණයකට තිබෙන ඉඩකඩ ඇහිරෙනවා. මොකද මිනිසුන්ට නිරවුල් මනසින් තීරණයක් ගන්න බැහැ. සමහර අය බයට නොගිහින් ඉඳීවි මැතිවරණය සඳහා ඡන්දය පාවිච්චි කරන්න. මොකද ඒ අයට තමන්ගේ ජීවිතය වටින නිසා. විශේෂයෙන් අපි දැක්කා මොහාන් සමරනායක වගේ කීර්තිමත් පුරවැසියකුට තර්ජනය කරනවා ඔබේ ගෙදර හොයාගෙන එන්න වෙයි කියලා එක්තරා කණ්ඩායමක්. ඒ අය දැන් නීතියේ රැහැනට හසුවෙලා ඉන්නවා. මේ හරහා කරන්නේ මොකක්ද? මෙවැනි රටේ වගකීම් දරන අහිංසක පුරවැසියන්ට නිරායුධ පුරවැසියන්ට බලහත්කාරයෙන් මෙවැනි මානසික ප්‍රහාර එල්ල කරාම ඒගොල්ලෝ භීතියට පත්වෙනවා. මේක ෆැසිස්ට් වාදයක් නෙමෙයිද? මේක භීෂණයක් නෙමෙයිද? එදා ආයුධවලින් කරපු දේ අද බලහත්කාරයෙන් ඒ අය පාවිච්චි කරලා කරනවා. ඒක නිසා විශ්වාස කරන්නේ දවසින් දවස අපේ සමාජයේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ එකින් එක දිනා ගනිමින්, ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ දිනා ගනිමින් ඉදිරියට ගමන් කරනවා.

More articles

Latest article